ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පැවැත්වීමට සැළසුම් කර තිබූ මැයි දින රැළිය සහ පෙළපාලිය නවතා දමා මැයි දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
රට තුළ පවතින වර්තමාන තත්ත්වය සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.මේ අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට මුස්ලිම් නියෝජිතයින් පිරිසක් සමඟ ද සාකච්ඡාවක නිරත වනවා.