යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.
බි‍්‍රතාන්‍ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි.
අත්‍යාවශ්‍ය කරුණු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි ද, එසේ සංචාරය කිරීමේදී ද විමසිලිමත් වන්නැයි ද, ඕස්ටේ‍්‍රලියාව සහ රුසියාව සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.
අමෙරිකාව, එරට පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසයි.
ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නෙදර්ලන්තය නිවේදනය කර තිබෙනවා.
බල්ගේරියාව පවසන්නේ තත්ත්වය සාමාන්‍ය වන තෙක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. කෙසේවෙතත් සෙසු මැදපෙරදිග රටවල් කිසිවක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර නැහැ.
චීනය ද නැවත දැනුම් දෙන තුරු ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ස්වීඩනය සහ කැනඩාව ද ඔවුන්ගේ පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම දින නියමයක් නොමැතිව තහනම් කරන බවයි.