තමන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.එම අභියාචනය පළමු වරට කැඳවණු ලබුවේ පසුගිය මස 18 වනදායි. එහි තීන්දුව ලබා දීම එරට අධීකරණය විසින් අද දක්වා කල් දැමුණා
ඩුබායි අත්අඩංගුවේ පසු වූ අවසන් පිරිස ලෙස ගායක අමල් පෙරේරා ඇතුලූ 06 දෙනෙකු පසුගිය මස 22 වනදා ඩුබායි සිට මෙරටට පිටුවහල් කළා
මේ වන විට මධූෂ් සමග ඩුබායි අත්අඩංගුවේ පසු වූ 31 දෙනාගෙන් 30 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිඛෙනවා
ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලූ පිරිස කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 5 වනදායි