ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර මුල් තැන ගැනීමට සන් රයිසස් හයිඩ‍්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වොනර් සමත්ව තිබෙනවා.
ඔහු තරඟ 12 කදී රැස්කර ගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 692ක්, ඊට ශතකයක් සහ අර්ධ ශතක 08 ක් ඇතුලත් වනවා.
කිංස් ඉලෙවන් පන්ජාබ් කන්ඩායමේ ලෝකේෂ් රාහුල් තරඟ 12 කදී ලකුණු 520 ක් ලබාගෙන ඇත්තේ එම සටහනේ දෙවනියා බවට පත්වෙමින්,
කොල්කටා නයික‍්‍රයිඩර්ස් කන්ඩායමේ ඇන්ඞ්ෘ රසල් මුළු ලකුණු 486 ක් රැස් කරගෙන තුන් වන ස්ථානයේ පසුවනවා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ශිකර් දවාන් තරඟ 13 කදි ලකුණු 470ක් රැුස්කරගෙන සිව් වන ස්ථානයේ පසුවන අතර කිංස් ඉලෙවන් පන්ජාබ් කන්ඩායමේ ක‍්‍රිස් ගේල් වැඩිම ලකුණු ලාභීන් අතර පස්වෙන තැන හිමිකරගෙන ඇත්තේ මුළු ලකුණු 448 සමඟින්.
මෙවර අයි පී එල් තරඟ බිමේ මේ වන විට වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කගීසෝ රබාඩා විසින්.ඔහු තරඟ 12 කදී දවාගෙන ඇති මුළු කඩුළු සංඛ්‍යාව 25 ක්.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඉම්රාන් තාහීම් තරඟ 13 ක්දී කඩුළු 21 දවාගෙන සිටිනවා.
අයි පී එල් තරඟයේ 51 වන තරඟ්හය හෙට පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ සන් රයිසස් හයිඩ‍්‍රාබාද් කණ්ඩායම් අතරයි.