පසුගිය පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාර මාලාව නිසා තමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් ‘ස්කයි‘ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2001 ජුලි 11 වන දින ඇමෙරිකාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් නොවූ බවත් ඇමෙරිකාවේ ආරක්ෂාව තවදුරටත් තර කළ බවයි.
මේ අතර ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ජනතාව තමාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් කර නොමැති බවයි.එමෙන්ම පාස්කු ඉරු දින සිදුවු ප්‍රහාර මාලාව සැලසුම් කිරීම පිටුපස විදේශීය සැලසුම්කරුවෙකු සිටින බවට විශ්වාස කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසා තිබුනා.
මේ අතර කුඩා රටවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම අයි.එස්. සංවිධානයේ නව ක්‍රමෝපායක් විය හැකි බව එහිදී ප්‍රකාශ කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘තම රට අත්හරින ලෙස‘ අයි.එස්. සංවිධානයට පණිවුඩයක් ද ලබාදී තිබෙනවා.