News Line| Off Air
Generic placeholder image

May
2

පාස්කු ප්‍රහාරයට සම්භන්ද සිව් දෙනෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට ලාකිකයෙකුත් ඒ අතර

1085 Views


පාස්කු ප්‍රහාරයට සම්භන්ද සිව් දෙනෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට ලාකිකයෙකුත් ඒ අතර

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් අනතුරුව අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සොයා ඉන්දීය ජාතික විමර්ශන ආයතනය කේරල හා තමිල්නාඩු ප්‍රාන්ත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අතරතුර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වෙයි.

එම පුද්ගලයා රාමනාදන්පුරම්හි සිට චෙන්නායි නුවරට පැමිණ ඇති අතර ව්‍යාජ ලිපිලේඛන භාවිත කරමින් කුලී නිවසක රැඳී සිට ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාවේ සැලසුම්කරු ලෙස සැලකෙන සහරාන් හෂීම් අනුගමනය කරමින් කේරල ප්‍රාන්තයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සැලසුම් කළ අයි.එස්. සංවිධානයට සම්බන්ධ රියාස් අබුබකර් නමැත්තා පසුගියදා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

තමා වසරක පමණ කාලයක සිට සහරාන් හෂීම්ගේ දේශනවලට සවන්දෙමින් ඒවා අනුගමනය කළ බවට එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදුකළ සහරාන් හෂීම් හා ප්‍රහාර මාලාවට සම්බන්ධ තවත් බෝම්බකරුවෙකු අයි.එස්. සංවිධානයේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට 2017 සහ 2018 යන වසරවල ඉන්දියාවේ සංචාරය කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.


News Articles
Latest Videos
Most Popular Post