උතුර උතුරු මැද වයඹ සහ දකුණු පලාත් වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලත් පැයට කිලෝමිටර 45 ත් 50 ත් අතර සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව මධ්‍යම දකුණ බස්නාහිර සහ වයඹ පාලත් වල තැනිත් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගාල්ල මාතර රත්නපුර සහ කලූතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල මිලි මීටර 75 ක පමණ වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වීම එම ප්‍රදේශ වල තරමතක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
දිවයින වටා මුහුදූ ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 35 ත් 45 ත් අතර අගයක පවතිනු ඇති.මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදූ ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 ක් හෝ 60 දක්වා වැඩිවිය හැකියි.
ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ පිළිබඳව සැලකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදූ කරනවා.