News Line| Off Air
Generic placeholder image

May
4

කිසිදු අභියෝග හමුවේ වුවද මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙල මම නවත්වන්නේ නෑ – ජනපති

685 Views


කිසිදු අභියෝග හමුවේ වුවද මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙල මම නවත්වන්නේ නෑ – ජනපති

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ 03 වන දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදිය.

එහිදි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ,

“ත‍්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බවයි.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, අවි ජාවාරම, පතාලය එකම ජාලයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ රටට එරෙහි මෙම සියලූ අභියෝග පරාජය කළ යුතු බවයි.

මෙම ත‍්‍රස්ත කි‍්‍රයාවට මුහුණදීමට සිදුවූයේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින අවස්ථාවක බවයි.

අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය නොවන්නට මත්ද්‍රව්‍ය විරෝධි වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක ප‍්‍රතිඵල රැසක් පෙන්වා අවසන් බව ද ජනාධිපතිතුමා මෙහිදි පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් වූ අතර විධිමත් සහ ප‍්‍රායෝගික සැලැසුම් ඔස්සේ එම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.


News Articles
Latest Videos
Most Popular Post