තමන් සන්තකයේ ඇති තියුණු ආයුධ ළගම ඇති පොලිස් ස්ථාන වෙත භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තීරණය කර තිබෙනවා. ඔහු එම කාලය අද මධ්‍යම රාතී‍්‍ර 12.00ට අවසන් වීමට තිබූ බවයි.
ඒ අනුව නිවෙස්වල හෝ කිසියම් ස්ථානයක ඇති කඩු, කිනිසි සහ උල්පිහි ළගම ඇති පොලිස් ස්ථාන වෙත තවදුරටත් ගෙනැවිත් භාර දිය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කළා.