News Line| Off Air
Generic placeholder image

May
6

අතලොස්සක් කරපු දෙයින් අපිව සමාජයේ කොන් කරන්න එපා-ෆයිසර්

681 Views


අතලොස්සක් කරපු දෙයින් අපිව සමාජයේ කොන් කරන්න එපා-ෆයිසර්

ඉස්ලාම් අන්තවාදින් විනාශ කිරිම සඳහා සියලු මුස්ලිම් ජාතිකයින්ගේ සහය හිමිවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.

මෙම පිරිස මුස්ලිම් ජාතිකයින් නොවන බවත්, ත්‍රස්ථවාදීන් වන මෙම පිරිසට ආගමක් හෝ ජාතියක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.මොවුන් අතලොස්ස හේතුවෙන් අද වන විට මුස්ලිම් ප්‍රජාව යම් යම් තැන්වල කොන්වී ඇති බව ද මුස්තාපා මහතා වැඩිදුරටත් පැවසීය.මුස්ලිම් ජනතාව කෙරෙහි ඇති ආදර බැඳීම ඈත්ව තිබෙන බවත්, එම ආදරය හා සහෝදර බැඳීම යළි ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද මන්ත්‍රිවරයා සඳහන් කරයි.

අතලොස්සක් සිදු කල අපරාධය හේතුවෙන් සමාජයෙන් මුස්ලිම් ජනතාව කොන් නොකරන ලෙස ද ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, මෙවැනි තත්ත්වයක් ඇති වේයැයි නොසිතීම මුස්ලිම් දේශපාලඥයින් අතින් සිදුවු වැරැද්දක් බව ද පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post