News Line| Off Air
Generic placeholder image

May
7

ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

746 Views


ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදි පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර පුහුණුවීම් සැසි කිහිපයකට සහා ස්කොට්ලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරග දෙකක් සඳහා ද සහභාගී වීමටයි. අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලෝක කුසලාන සංචිතය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගියේ ය. ක්‍රිකට් ආයතන නිලධාරීහු සහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පවුලේ ඥාතීහු පමණක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ස්කොට්ලන්තය සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කඳවුරක් සඳහා ද සහභාගී වීමට නියමිතයි. එම පුහුණු කඳවුර මැයි මස 18 වනදාට පෙර දින 08ක කාලයක් පැවැත්වීමට නියමිත වේ.ඉන් පසුව ලෝක කුසලානය ආරම්භ කිරීමට සතියකට පමණ පෙර දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමග තවත් පුහුණු තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත ය.එළඹෙන මැයි මස 24 සහ මැයි මස 31 වන දා එම පුහුණු තරග දෙක පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ක්‍රිකට් තරගය, 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ නවසීලන්තය සමග පැවැත්වේ.ඒ එළඹෙන ජුනි මස 01 වන දා කාර්ඩිෆ් හිදීයි.

අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්වූ ශ්‍රී ලංකා සංචිතය පසුව කටුනායක බණ්ඩාරයක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් උදෑසන 10.20 ට පමණ දිවයිනෙන් පිටත්ව ගියේ ය


News Articles
Latest Videos
Most Popular Post