News Line| Off Air
Generic placeholder image

May
8

බුර්කා‍ව පලඳනාවලින් එකපාරට ඉවත්වීමට නොහැකියි

1639 Views


බුර්කා‍ව පලඳනාවලින් එකපාරට ඉවත්වීමට නොහැකියි

මුහුණු ආවරණ තහනම් කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කා‍ව,නිකාබයවැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකි යැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කළේය.

බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ තමන්ට මුහුණනිරාවරණය කරගෙන යෑම යම් අපහසුවක් දැනෙන්නේයැයි එමකාන්තාවන් පවසන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය.

“ඇතැම් මුස්ලිම් කාන්තාවන් මා සමග ප්‍රකාශ කළා වසර ගණනාවක් මුහුණ වසාගෙන ගිහින් එක් වරම මුහුණ නිරාවරණය කරගෙන යාම හරියට නිරුවතින් පාරේ යනවා වගේ කියලා.

ඒනිසා බුර්කාව හා නිකාබය නොමැතිව කටයුතු කිරීමට හුරුවෙන්න එම කාන්තාවන්ට ටික කලක් ගතවේවි.එය වරදක් ලෙස නොසැලකිය යුතුයි” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මුහුණු ආවරණ තහනම් කරමින් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන ලෙස සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත්,රජය පනවන ඕනෑම නීතියකට අවනතවීමට මුස්ලිම් සමාජය සූදානම් බවත් එම්.ආර්.එම්.මලික් මහතා පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post