News Line| Off Air
Generic placeholder image

May
10

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මගීන් සදහා නව ආරක්ෂක සැලැස්මක්

1620 Views


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මගීන් සදහා නව ආරක්ෂක සැලැස්මක්

2019 අප්‍රේල් 21 වන දින ඇතිවූ ඛේදවාචකය හේතුවෙන් ගුවන් හමුදාව විසින්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂක පරීක්ෂාවන් වැඩිකරනු ලැබිය.
රථවාහන ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුලු වීම තහනම් කිරීම නිසා ග ගුවන් ගමන් යාමට
සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට හට සැලකිය යුතු තරමේ අපහසුතාවයන්ට
පත්වන්නට සිදූවිය.
ඒ අනුවගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහන වල සිට සහ
දිවයිනට පැමිණෙන ගුවන් මගීන් හට ඔවුන්ගේ වාහන වෙත යාම සඳහා සැලකිය යුතු දූරක් පයින් ගමන් කිරීමට සිදූවිය.
එහෙත් මෙි වනවිට ගුවන් තොටුපල වෙත පැමිණෙන හා පිටත්වයන මගීන්ට හට තම
ගමන් මළු රැගෙන පයින් ගමන් කිරීමට තිබෙන දූර අවම කිරීමට පිවිසීමේ සහ
පිටත්ව යාමේ දොරටු වෙත වාහන ගමන් කිරීමට අවසර ලබා දිමට ගුවන් හමුදාව
විසින් කටයුතු යොදා ඇතිබව සතුටින් දැනුමි දිමට කැමැත්තෙමි.
එසේම ගුවන් තොටුපල කුලී රථ ප්‍රවාහන සේවයේ රථ සඳහා පැමිණිමේ පර්යන්තය ආසන්නයටම පැමිණිමට පහසුකම් සලසා දී ඇති අතර එම සේවාව ලබා ගැනීමට කැමැත්ත දක්වන මගීන් හට පැමිණීමේ පර්යන්තයන්ම කුලී රථ වෙන් කරවා ගැනීමේ පහසුකම ලබාගත හැක. එසේම පර්යන්තයෙන් පිටත දී ඔවුන් හට එම රථයට ගොඩවීමේ පහසුකම ද ලබා දි ඇත.
ගුවන් තොටුපලට පැමිණෙන සෑම මගියෙකු හට මෙම නව වැඩපිළිවෙල පිළිබඳ
වැඩිදූර විස්තර ගුවන් තොටුපලේ සිටින ගුවන් හමුදා සහ ගුවන් තොටුපල නිළධාරීන්
ගෙන් විමසා දැනගැනිමට හැකියාවක් ඇත.


News Articles
Latest Videos
Most Popular Post