ප්‍රදේශ රැසකට අදත් උණුසුම් කාලගුණක තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේතුමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, මඩකලපුව, අම්පාර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට උණුසුම් කාලගුනක තත්ත්වයක් බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව වැඩබිම්වල සිටින පුද්ගලයන් මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කල යුතුයි.
වැඩියෙන් ජලය පානය කරන ලෙසත් හැකිතරම් සෙවන ඇති ස්ථාන වල විවේක ගන්න. ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. නිවෙස් තුළ සිටින රෝගී හා වැඩිහිටි පුද්ගලයන් පිළිබදව සැළකිලිමත් විය යුතුයි.
කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසයි දැනුම් දෙන්නේ.