News Line| Off Air
Generic placeholder image

May
13

ප්‍රහාරය ගැන අසත්‍ය තොරතුරු දුන් නිලදාරියෙක් අත්අඩංගුවට

2201 Views


ප්‍රහාරය ගැන අසත්‍ය තොරතුරු දුන් නිලදාරියෙක් අත්අඩංගුවට

මත්තේගොඩ යුධ හමුදා කඳවුරට සහ කලුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට” දූරකථන ඇමතුමක් ලබාදූන් එම කඳවුරේම සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ මෙම තොරතුර පිළිබද සිදූ කල පරීක්ෂණයේ දී එය ජංගම දූරකථනයකින් ලබා දී ඇති බව හෙළි වූ බවයි.

පසුව ඇමතුම ලබාදූන් දූරකථන අංකය පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් කැඳවා තිබුණා.එහි දී අණාවරණය වී තිබුනේ එය පස්සර ප්‍රදේශයේ සරසවි සිසුවියකට අයත් දූරකථන අංකයක් බවයි.පසුව සරසවි සිසුවිය පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීමේ§ ඇයගේ ජාතික හැඳූනුම්පත මීට මාස දෙකකට පමණ පෙර” අස්ථානගත වී ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව විමර්ශන වෙනතකට යොමු කරමින් තවත් පරීක්ෂණයක් ආරම්භ කලේ යුධ හමුදා කඳවුර අභ්‍යන්තරයේයි.

මත්තේගොඩ යුධ හමුදා කඳවුරත්, කලුබෝවිල රෝහලත් බිය ගැන්වීම සඳහා එම කඳවුරේම කපිතාන්වරයෙකු විසින් අදාළ ඇමතුම ලබා දී ඇති බව එහිදී හෙළි වී තිබෙනවා.

පසුව ඔහුගෙන් ප්‍රශ්න අණාවරණය වී ඇත්තේ මාර්ගයේ වැටි තිබී අහුලාගත් ජාතික හැඳූනුම්පතකින් සිම්පත් දෙකක් මිලදී ගෙන, ඉන් එක් සිම්පතකින් මෙම ඇමතුම ලබා ගත් බවයි.

සිද්ධිය සම්භන්ධයෙන් අත්අඩංගුවට පත් වුනේ මත්තේගොඩ යුධ හමුදා කඳවුරේ සේවයේ නියුතු 42 හැවිරිදි ඉංජිනේරු බළකා කපිතාන්වරයෙක්.වැඩිදූර විමර්ශන සඳහා ඔහු යුධ හමුදා මූලස්ථානයේ නීති අංශයට භාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post