News Line| Off Air
Generic placeholder image

May
13

සිසුන්ගේ පැමිනීම තවමත් අවම මට්ටමක

916 Views


සිසුන්ගේ පැමිනීම තවමත් අවම මට්ටමක

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුව ඇති බවයි.

දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණ ද මේ වන තෙක් එම ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණිමද යථාතත්වයට පත්ව නොමැත.

මේ අතර කඳුකරයේ ප්‍රාථමික පාසල්වලද සිසුන්ගේ පැමිණීම සියයට එකක් වත් නොමැති බව විදුහල්පතිවරුන් පවසන බව වාර්තා වුනා.ප්‍රදේශයේ බොහෝ පාසල්වල දරුවන්ගේ පැමිණිම ඉතා අවම මට්ටමක පැවති අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනෙකුට වඩා නොපැමිණි බව විදුහල්පතිවරුව් පවසා ඇත.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල්වලද ප්‍රථමික අංශයේ මෙන්ම ද්විතිය අංශවලද අද සිසුන්ගේ පැමිනිම ඉතාම අඩුතත්වයේ පැවති බවත් නගරට ජනතාව පැමිනිමෙ අඩුවක්ද උදේ කාලයේ දැකගත හැකි වු බවත් අපට වාර්තා වුනා.

මීට අමතරව දිවයින පුරා සියලුම පාසල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් තිබෙන බව අප වාර්තාකරුන් සඳහන් කළේය


News Articles
Latest Videos
Most Popular Post