News Line| Off Air
Generic placeholder image

May
14

අගමැති හෙට්ටිපොළ යයි

1799 Views


අගමැති හෙට්ටිපොළ යයි

ඊයේ් ඇතිවූ නොසන්සුන්තාවයේදී සිදුවූ හානි පිළිබඳ නිරීක්ෂණය සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරුවේ හෙට්ටිපොල ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා.

වයඹ පළාතේ ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුතා සමග එම පළාතට ඊයේ පස්වරුවේ සිට යළි දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ හේතුවෙන් අද දිනයේ වයඹ පළාතේ සියලූ පාසල් වසා දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.

පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් වයඹ පළාත් සභාව යටතේ ඇති සියලු රාජ්‍ය ආයතනවල සේවකයින්ට අද දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post