අද වන විට රටට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් නොව, එක්තරා දේශාපාලන කණ්ඩායමකින් බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා. ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පවසා සිටියා.
“ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට අද වන විට ලෝකයේ සෑම රටක්ම මුහුණ පා තිබෙනවා. අපි පිළිගන්නවා රජයක් ලෙස අඩුපාඩු තිබුණා ඒත් අද වන විට ඒ සියල්ල මඟ හරවා ගනිමින් රටටම ආරක්ෂාව ලබා දීමට අප සුදානම්. අවාසනාවන්ත ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරණ අය යළිත් කළු ජූලියක් ඇති කරන්නට මේ මොහොතේ කටයුතු කරනවා.මේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයන් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නැහැ. මම ඒක ආයිත් කියනවා. ක්‍රිස්තියානි ,මුස්ලිම්, හින්දු ජනතාව ලාංකිකයින් ඔවුන් සියලු දෙනා පළමු පන්තියේ එක හා සමානයි පුරවැසියන්.”