News Line| Off Air
Generic placeholder image

May
15

කුලියාපිටිය සිද්දිය ගැන දයාසිරි ජයසේකර හේතු පැහැදිලි කරයි

764 Views


කුලියාපිටිය සිද්දිය ගැන දයාසිරි ජයසේකර හේතු පැහැදිලි කරයි

කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියා.

මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවට මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් පසුවන බවද මන්ත්‍රීවරයා පවසා තිබුනා.බුද්ධි අංශ තොරතුරු මත නිවාස දෙක තුනක් පරීක්ෂා කිරීම සිදු කරන බවත්, මෙම තත්ත්වය නිසා සිංහල ජනතාව විවිධ සැක සංකා මතුකර ගෙන සිටිනා බවත් පැවසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම ගැටුම්කාරී තත්ත්ව වැළැක්වීම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස විශාල උත්සාහයක් ගත් බවත්, එහෙත් අතිවිශාල පිරිසක් එක් රැස්වී සිටි නිසා පිරිස පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් සදහන්කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post