ඇමරිකාව විසින් සිය නෞකාවක් අත්පත්කර ගැනීම නීති විරෝධී මංකොල්ලයක් බව උතුරු කොරියාව පවසනවා.එම නෞකාව යලි තමන් වෙත ලබා දෙන ලෙසයි උතුරු කොරියාව පවසන්නේ.
එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට චෝදනා කලේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ අදාල නෞකාව ජාත්‍යන්තර සම්බාධක උල්ලංගණය කර ඇති බවයි.
නෞකාව ඇමරිකාවේ ආරක්ෂක අංශ යටතට ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ට් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අතර පැවති එකඟතාවයද කඩවී තිබෙනවා.