News Line| Off Air
Generic placeholder image

May
15

නව අගවිනිසුරු වැඩ අරඹයි

1564 Views


නව අගවිනිසුරු වැඩ අරඹයි

මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීම බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසනවා.

අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී අගවිනිසුරු ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.එක් විනිසුරුවරු වරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදූවිය හැකි බවයි නව අගවිනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළා.

විනිසුරුවරු විවෘත මනසකින් කටයුතු කළ යුතු බවත් හොදින් ඇහුම්කන් දීම සිදූකළ යුතු බවත් අගවිනිසුරුවරයා අවධාරණය කළා.

අධිකරණ කටයුතුවල දී බියකින් තොරව අපක්ෂපාතී අයුරින් සිය රාජකාරි ඉටු කිරීම විනිසුරුවරුන්ගේ ප්‍රමුඛ වගකීමක් යුතු බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වැඩිදූරටත් අවධාරණය කර සිටියා.

මෙරට 47 වන අගවිනිසුරු ලෙස පත්ව සිටින හිටපු නීතිපති ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිළ උත්සවය සඳහා ශේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, දීසා අධිකරණ වල සේවය කරන විනිසුරුවරු මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙහි§ නව අග විනිසුරුවරයා පිළිගනු ලැබුවේ නීතිපති දප්පූල ලිවේරා මහතා විසිනි.

නීතිපතිවරයා ලෙස සේවය කළ ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පසුගියදා ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරු වරයා ලෙස පත් කළා.

මේ අතර නව සොලිසිටර් ජනරාල් ලෙස දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post