එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්ට තරග තහනමක් පනවා තිබෙනවා.
ඒ පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදි පැවැති තුන්වන එක්දින තරගයේදි නියමිත කාලයට යැවිය යුතු පන්දූවාර සංඛ්‍යාවට වඩා පන්දූවාර 02 ක් අඩුවෙන් යැවීම හේතුවෙන්.
ඒ අනුව ඉයන් මෝගන්ට එක් තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පනවා තිබෙනවා.
මෙම තත්වය මත පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය ඔහුට අහිමි වී යනු ඇත.
කෙසේ වෙතත් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වනවිට සමත්ව සිටිනවා.
පසුගිය පෙබරවාරී මාසයේදි කොදෙව් කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හිදි පැවැති එක්දින තරගයකදි ද නියමිත කාලයට යැවිය යුතු පන්දූවාර සංඛ්‍යාව නොදැමීම හේතුවෙන් ඉයන් මෝගන්ට දඩුවමට යටත් වීමට සිදූ වුණා.
මාස 12 ක කාලයක් තුල මෝගන් දඩුවමට ලක්වු දෙවැනි අවස්ථාව මෙයයි.