News Line| Off Air| Games
Generic placeholder image

May
17

ජාතික වෙසක් උත්සවය අද හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ දි

771 Views


ජාතික වෙසක් උත්සවය  අද  හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ දි

ජාතික වෙසක් උත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ දි පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සදහා සහභාගී වීමට නියමිතයි.

මෙවර ජාතික වෙසක් උත්සවය අද සහ හෙට තල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමි‚ ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කලා.

මේ අතර වෙසක් පොහෝ දින රාත්‍රියේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය හෙට රාත්‍රී 08.00 සිට සියත ටී වී ඔස්සේ සජීවීව ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර වෙසක් උත්සවය සඳහා උපරිම ආරක්ෂාව ලබා දිමට කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණස්සේකර මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ කොළඹ ඇතුලු නගර වලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා රාජකාරී හා සිවිල් ඇදූමින් සැරසුනු පොලිස් නිළධාරීන් යොදවා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post