News Line| Off Air| Games
Generic placeholder image

May
18

සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි

1468 Views


සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි

සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

ශාසන ඉතිහාසයේ සදහන් වන්නේ සිද්ධාර්ථ කුමරුන්ගේ උපත, සම්බුද්ධත්වයට පත් විම සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමගුල වෙසක් පුන් පොහෝ දිනවලදී සිදු වූ බවයි.

කාලය, දිපය, දේශය, කුලය හා මව යන පංච මහා විලෝකනයන් විමසු පසු සිදුහත් කුමරුන් ලූම්බිණි සල් උයනේ දි අද වැනි දිනෙක උපත ලැබුවා.සත් පියුම් මතින් සත් පියවරක් ඇවිද යමින් සිදුහත් කුමරුන් විද්‍යාමාන කලේ තමන් තුන් ලොවටම ශ්‍රේෂ්ඨ බවයි.
මහල්ලෙක් ලෙඩෙක් මලකදක් සහ පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක සසර අවබෝධ කර ගෙන ගිහි ගෙය හැර ගිය සිදුහත් බෝසතාණන් බුද්ධගයාවේ ඇසතු මහා බෝ රුක් සෙවනේ දී භාවනායෝගීව වැඩ සිටියා.ඒ සියලූ සත්වයින් සසර දුකින් මුදවා ගැනීමේ පාරිශුද්ධ අරමුණ පෙරදැරිවයි.සියලූ කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත් උන්වහන්සේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනෙක සම්බුද්ධත්වයට පත් වුණා

බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ විශාලා මහනුවර මල්ල රජ දරුවන්ගේ උපවත්වන සල් උයනේදීයි.සියලූ සංස්කාර ධර්මයන් නැසෙන සුලූ බැවින් අප්‍රමාදව කුසල් දහමේ යෙදෙන්නැයි උන්වහන්සේගේ අවසන් බුද්ධ වචනයයි.

ලෝකවාසී බෞද්ධ ජනතාව ඉමහත් බැතියෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන් දෙමින් වෙසක් පොහොය සැමරීමට එක්ව සිටිනවා.මෙවර වෙසක් පොහොය මෙරට බෞද්ධ ජනතාව සමරන්නේ ප්‍රතිපත්ති පූජා වලට මෙන්න ආලෝක පූජා වලටද මුල් තැනක් ලබා දෙමින්.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් වෙසක් සැමරුම් උත්සව පැවැත්වීමද සීමා වී තිඛෙනවා.එහෙත් බෞද්ධයින් මෙන්න කිතුණු හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ද මෙවර වෙසක් උත්සවය සැමරීම සඳහා එක්ව සිටින්නේ ලෝකයටම නව අරුතක් එක් කරමින්.

වෙසක් පුන් පොහෝ දින සියත ටීවි අමා වැස්ස පෝදා සජීව විකාශය අද අලූයම සිට විකාශය කෙරෙන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි.


News Articles
Latest Videos
Most Popular Post