News Line| Off Air| Games
Generic placeholder image

May
18

විජග්‍රහණයේ සැමරුමට අදට දස වසරයි

1542 Views


විජග්‍රහණයේ සැමරුමට අදට දස වසරයි

තිස් වසරක යුද්ධය නිමා කරමින්, කුරිරු ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ විජයග්‍රහණයේ දසවර්ෂාභිෂේක සැමරුම අදට යෙදී තිඛෙනවා.

ඒ නිමිත්තෙන්, ජාතික රණවිරු දින සැමරුම් උත්සවය, හෙට පාර්ලිමේන්තු කී්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

මේ සදහා ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ මිය ගිය තුවාල ලැබූ හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහභාගී වීමට නියමිතයි

එවකට යාපනය නගරාධිපති ධූරයේ කටයුතු කළ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයෙන් ඇරඹි LTTE ඝාතන රැල්ල තුළ මෙරටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.බිම්බෝම්බ, මර උගුල්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගනිමින් අහිංසක ජීවිත ගණනාවක් විනාශ කිරීමට ඛඔඔෑසංවිධානය කටයුතු කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එවකට යුධ හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් 2006 වසරේ ජුනි මස 26 වනදා රණවිරුවන් විසින් මානුෂීය මෙහෙයුම ආරම්භ කළා.ඒ, මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමත් සමගයි.

එතැන් පටන් ඇරඹි මානුෂීය මෙහෙයුම අතරතුරදී 2006 වසරේ සැප්තැම්බර් මාසයේදී සාම්පූර් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගැනීමට රණවිරුවන් සමත්වුණා.අනතුරුව සමස්ත නැගෙනහිර පළාතම පියවරෙන් – පියවර මුදවාගත් රණවිරුවන්, ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවක් ලෙස සැලකෙන කිලිනොච්ච්ය සියතට ගනු ලැබුවේ, 2009 වසරේ ජනවාරි මස දෙවනදායි.

අවසන් සටන ආරම්භ වුණේ, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන්

පියවරෙන් – පියවර ඉදිරියට ඇදුණු රණවිරුවන්, නන්දිකඩාල් කලපුවේදී වේලූපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරමින් කොටි ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරනු ලැබුවේ, 2009 වසරේ මැයි මස 18 වනදායි.විජයග්‍රහණයේ දසවර්ෂාභිෂේක සැමරුම ලෙස අද සිට ලබන 22 වනදා දක්වා වූ කාලය නම් කර තිඛෙනවා

යුධ හමුදාව සදහන් කලේ ඒ වෙනුවෙන් අද දීප ව්‍යාපාප්ත පහන් දැල්මක් ද සංවිධානය කර ඇති බවයි

මානුශීය යුද්ධයේ දී ජීවිත අහිමි වු විරෝදාර රණවිරුවන් සිහිකරමින් ආගමික ස්ථාන නිවෙස් හමුදා කදවුරු රජයේ හා පුද්ගලික ආයතන ඇතුලූ සියලූ ස්ථාන වල මෙය සිදු වනවා

විජයග්‍රහණයේ දසවර්ෂාභිෂේක සැමරුමේ දී වෙල්ලමුල්ලිවයික්කාල් රණබිම මූර්තිමත් කරමින් විශේෂ සමරු කාසියක් ද නිකුත් කිරීමට නියමිතයි

වෙල්ලමුල්ලිවයික්කාල් ස්මාරකය පිළිඹිබු වන ආකාරයෙන් සැකසූ සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට කටයුතු යොදා තිඛෙනවෙ

රට වෙනුවෙන් දිවි පුදා පරම වීර විභූෂණ පදක්කමි වලින් පිදුම් ලැබූ රණවිරුවන් ජාතික වීරයින් ලෙස ඉතිහාසයට එක් කර ඔවුන්ගේ ජීවිත කතා ඇතුළත් උතතමාචාර ග්‍රන්ථය ජනාධිපතිතුමා විසින් එම රණවිරුවන්ගේ ඥාතීන් වෙත පිරිනැමීම ලබන 22 වනදා සිදු කිරීමට නියමිතයි


News Articles
Latest Videos
Most Popular Post