News Line| Off Air| Games
Generic placeholder image

May
20

නිරිත දිගට වැසි වැඩිවන ලකුණු

592 Views


නිරිත දිගට වැසි වැඩිවන ලකුණු

ඉදිරි දින වලදී නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 02න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වල මිලි මීටර 100 ක පමණ වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති බව විට එම ප්‍රදේශ වල තාවකාලික තද සුළං ඇති වන අතර අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදුකරනවා.මේ අතර නැගෙනහිර පලාතේ සහ පොලොන්නරුව මන්නාරම වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට උණුසුම් කාලගුණයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post