News Line| Off Air| Games
Generic placeholder image

May
20

පස්වෙනි තරගයේ ජයත් එංගලන්තයට

890 Views


පස්වෙනි තරගයේ ජයත් එංගලන්තයට

සංචාරක පාකිස්තානය සමග පැවති පස්වන එක්දින තරගයෙන් ලකුණූ 54 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.පස්වන එක්දින තරගය ඊයෙ පැවැත්වුණේ ලීඩ්ස් හීදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කලූඩු 09 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 351 ක්

ජෝ රූට් පන්දු 73 කදී හතරේ පහර 09 ක් සමග ලකුණු 83 ක් රැස්කළා.නායක ඉයන් මෝගන් පන්දු 64 කදී ලකුණූ 76 ක් රැස්කළේ හයේ පහර 05 ක් සහ හතරේ පහර 04 ක් සමගින්.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම ට පන්දුවාර 46 යි පන්දු 05 කදී සියලූ දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 297 ක් පමණයි.

ඒ අනුව එංගලන්තය ලකුණු 54 කින් තරගය ජයග්‍රහණය කළා.

පන්දු 80 කදී ලකුණු 97 ක් ලබා ගෙන අගනා ඉනිමක් ක්‍රිඩා කරමින් සිටි සර්ෆරාස් අහමඩ් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ජෝස් බට්ලර් සමත් වුණා.බාබර් අසාම් පන්දු 83 කදී ලකුණූ 80 ක් ලබා ගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර 09 ක් සමගින්.

යැවීමේදී ලකණූ 54 කට කඩුලූ 05 ක් දවා ගනිමින් ක්‍රිස් වෝක්ස් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.

එම ජයග්‍රහණයත් සමග පන්දු 05 කින් සමන්විත එක්දින තරගාවලියේ 04 ට 0 ක් ලෙස සත්කාරක එංගලන්තය තරගය ජයග්‍රහණය කළා.මේ අතර එකදින ලෝක කුසලාන තරගාවලිය ලබන 30 වනදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post