ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම සිදු නොකරන ලෙසට ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිඛෙනවා. ජනාධිපතිතුමා මේ බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයේ දැක්වුණේ.
ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේදී මහජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිිමින්.සාමාන්‍ය ජනතාවට කිසිදු අවහිරයක් සිදු නොවන පරිදි එම රථ වාහන ධාවනය කරන ලෙසට ප්‍රභූ ආරක්ෂක අංශ නිළධාරීන් ද දැනුවත් කර තිඛෙනවා.