News Line| Off Air
Generic placeholder image

May
22

තඹ කම්හලේ සැකකරුවන් 08 දෙනාට නොතීසි

787 Views


තඹ කම්හලේ සැකකරුවන් 08 දෙනාට නොතීසි

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කළා.මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින්

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසුව වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ සේවකයින් දස දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

ඉන් සැකකරුවන් නව දෙනකු පසුගිය 6 වනදා අධිකරණය මගින් ඇප මත මුදා හළ අතර එක් සැකකරුවකුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇප මත නිදහස් වීමට නොහැකි වුණා.


News Articles
Latest Videos
Most Popular Post