දිවයින පුරා සිදු කළ වැටලීම් වලදී හොරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.හොරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 700 ක් ලග ගබාගෙන සිටි සැකකරියක් අත්අඩංගුවට ගැණූනේ අනුරාධපුර බස් නැවතුම්පල අසලදී කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි කාන්තාවක්.සැකකාරිය අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොරගහහේන කහටපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 10 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම මාතර ගොඩගම දක්ෂිණ අධීවේගී මාර්ගයෙන් පිටතට පැමිණී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී හොරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍ර්‍රෑම් 630 ක් ළග තබාගෙන සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.එම සැකකරුවන් දෙහිවල කරණ්දෙනිය සහ හක්මන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1984 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස රජය ඉල්ලීමක්කර සිටිනවා.