ඉන්දීය මහ මැතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිළ ප්‍රතිපල වලට අනුව මෝදි අගමැතිතුමන් ආසන 341 ක් දිනා තිඛෙනවා.රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය දිනා ඇති ආසන සංඛ්‍යාව 91 ක් පමණයි.
ඉන්දීීය ලෝක් සභාවේ ආසන 542 න් බහුතරය දිනා ගැනීමට නමී ඉන්දීය ලෝක් සභවේ ආසන 572 න් 242 ක් ලබා ගත යුතුයි. මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිපල අනුව නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය පැහැදිලි ජයක් ලබා තිබෙනබවයි විදෙස් මාධ්‍යය වාර්තාකර තිබෙන්නේ.
ඒ අනුව ඉදිරි පස් වසර සදහා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය වරයා ලෙස 68 හැවරිදි දමෝන්ද්‍රාස් නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමට නියමිතයි.
අදියර 07 ක් යටතේ පැවති ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි මස 19 වනදා දක්වා පැවැත්වුනා.ඡන්දය සඳහා මිලියන 900 ක ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබුණා.ඔවුන් ලෝක් සභාවේ ආසන 543 ක් වෙනුවෙන් සිය නියෝජිතයින් පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිත කළා.