News Line| Off Air
Generic placeholder image

May
27

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නෙමෙයි” – ක්‍රිකට් ආයතනය කල ඉල්ලීම මහේල ඉවත දමයි

2904 Views


“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නෙමෙයි” – ක්‍රිකට් ආයතනය කල ඉල්ලීම මහේල ඉවත දමයි

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේල පවසා ඇත්තේ ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සෑම දෙයක්ම කර ඇති බවත් ඒ අනුව තමන්ට කණ්ඩායම තුළ සිදුකිරිමට දෙයක් නොමැති බවත්ය.

“ මට ආරාධනා කළා. නමුත් ඊට වඩා මට කරන්න දේවල් තිබෙනවා. මට වටහාගන්න බැරිවුණා මට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. කණ්ඩායම තෝරාගෙන ඉවරයි. හැම දෙවයක්ම කරලා ඉවරයි. දැන් මට ඇවිත් යමක් එකතු කරන්න දෙයක් නෑ.මම තවමත් කැමතියි කණ්ඩායම් කළමණාකරනය සමග එක්ව මොකක් හරි කරන්න. නමුත් ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග නෙමෙයි. ඒක තමයි මම කිව්වේ. ඒ තැන මට ගැලපෙන්නේ නෑ කියලා. දැනගෙන මට ඇවිත් වැඩ කරන්න බෑ.අපි මාස අටක කාලයක් වැය කරලා වෘත්තීමය ක්‍රිකට් යාන්ත්‍රණයක් සකස් කළා. අපි ඒක ක්‍රියාත්මක කරන්න කිව්වා. නමුත් ඒක ප්‍රතික්ෂේප කළා.“


News Articles
Latest Videos
Most Popular Post