මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ දී ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන හා අවසන් පුහුණු තරගය අද එංගලන්තයේ සවුත්හැම්ටන් හිදී පැවැත්වෙනවා.ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු තුනට තරගය ආරම්භ වනවා.
පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු ලංකාවට පරාජයක් අත්වූවත් මෙම තරගයේ තම අඩුපාඩු උපරිමයෙන්ම නිවැරදි කරගෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සාර්ථක ආරම්භයක් ලබාගන්නා බවයි නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ. එමෙන්ම ලසිත් කණ්ඩායමත් සමග එකතුවෙන බව කියූ දිමුත් කරුණාරත්න පැවසුවේ ලසිත් මාලිංග කණ්ඩායම සමග එකතුවූ විට ශක්තිමත් පන්දු යවන්නන්ගේ බලඇණියක් තමන් සතු බවයි.