ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන තමන් සම්බන්ධයෙන් කළ ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කරන බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.පසුගිය දා මහේල ජයවර්ධන සඳහන් කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බවයි.භාහිර කරුණුවලට කණ්ඩායම් තුළට පැමිණීමට අවශ්‍ය ඉඩ ඇන්ජලෝ හරහා ලැබුණ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා.
” හැම කෙනෙකුටම තමන්ගේ මතයක් තිබෙනවා. එය මහේලටත් තිබෙනවා. ඔහුගේ ඇතැම් ප්‍රකාශ ගැන මම පුදුම වෙනවා. ඒවා මම ප්‍රතික්ෂේප කරනවා. මගේ දැන් මූලික අවධානම ලෝක කුසලානයයි. මම මහේලට කියනවා ඔහුගේ දැනුමෙන් අපට උදව් කරන්න. මේ අවස්ථාවේදි එය අපිට ලොකු දෙයක් වේවි”