රට දැය, සමය වෙනුවෙන් සිදුකරන මෙහෙවර අගයමින් , රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමියන් විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සම්මානයක් පිරි නමා තිබෙනවා.ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, ති‍්‍රපිටක විශාරද අතිපූජ්‍ය නාපාන පෙමසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ශාසනාලෝකය පතා, මෙත් සිත් පූර්වකව, දේශාභිමානයෙන්, ජාතිකානුරාගයෙන් සහ ශාසන දයාවෙන් පෙර රජවරුනට සමව නව චින්තනයෙන් හා දර්ශනයෙන් දූරදර්ශීව කටයුතු කරන බවට ලිඛිත සටහන් තබමින් මෙම මෙම සම්මානය අමාත්‍යවරයාට පිරි නමා ඇති බවයි සදහන් වෙන්නේ.
මහනුවර මැණික්හින්න ශී‍්‍ර විද්‍යාසාගර මහා පිරිවෙණ් විහාරයේදී ඊයේ මෙම විශේෂ ඇගයීම් සම්මානය පිරිනමා තිබෙනවා.