අතීතයේ සිදුවු සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් වාර්තා වී ඇති බවත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙසත් පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
එහිදී කරුණු පැහැදිළි කළ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර.
“සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.එයට හේතුව වන්නේ ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් ම වාර්තා වී තිබෙනවා.ජාතින් අතර අසමඟිය,වෛරය ඇති කිරීමේ අඳහසින් එවැනි පැරණි සිද්ධීන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.“