විශ්වාසභංගය මගහැර ගොස් බදියුදීන් ඇමතිවරයාට සහාය දීමට අවශ්‍ය නම් තේරීම් කාරක සභා පත් කර විවාදයට දින නියම කිරීමට කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.ගාල්ල, මීරන්දෙණිය ප්‍රෙද්ශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන්කර සිටියා.
එහිදි ඔහු පැවසුවේ පසුගියදා සිදු වු ප්‍රහාරයන් සම්බන්දයෙන් රජයට චෝදනා කළ නොහැකි බවත් එය ජාත්‍යන්තර ත්‍රස්තවාදය බවත්ය. අයි.එස් ත්‍රස්තයන් අමේරිකාවේ පෙන්ටර්ගනයට ද ප්‍රහාර එල්ල කළ බවත් එම මොහොතෙදි එම රටේ කිසිකෙනෙක් එම අවස්ථාවේ සිටි ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය යුතු බවට චෝදනා නොකළ බවත් මන්ත්‍රීවරයා පවසනවා. එම රටවල් ත්‍රස්තවාදය මැඩලීමට සහය පළ කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.