අද සහ හෙට දිනයන්හී දිවයිනේ නිරිත දිග පළාතේ වැසි තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක මි.මී. 100 ක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට ඒ ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටිනවා.