News Line| Off Air
Generic placeholder image

May
29

අපිට ඉන්නේ දක්ෂතම ක්‍රීඩකයින් 15 ක් – මම මේ පාරත් Hat-Trick එකක් ගන්නවා

4987 Views


අපිට ඉන්නේ දක්ෂතම ක්‍රීඩකයින් 15 ක් – මම මේ පාරත්  Hat-Trick එකක් ගන්නවා

වර්තමානයේ ශ්‍රී ලංකාව සතු දක්ෂතම ක්‍රීඩකයින් 15 දෙනා මෙවර ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති බව සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.සංචිතයේ සිටින නවකයින් තම දස්කම් ඔප්පු කර පෙන්වීමට සුදානමින් සිටින බවද මාලිංග සදහන් කර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලියේ මාධ්‍ය අංශයට අදහස් දක්වමින් මාලිංග මේ බව ප්‍රකාශ කර තිබුණා.එමෙන්ම මාලිංග මෙවර තරගමාලාවේදීත් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් පවසා තිබුණා.

2007 වසරේ පැවති ලෝක කුසලාන තරගමාලවේ දකුණූ අප්‍රිකාවට එරෙහි තරගයේදී මාලිංග පිට පිට පන්දු හතරකදී කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.මෙවර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාව ලබන බ්‍රහස්පතින්දා එංගලන්තයේදී ආරම්භ විමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post