දෙරට අතර පවතින වෙළඳ අර්බුදය හමුවේ අමෙරිකාවට ඛණජ ද්‍රව්‍ය අපනයනය සීමා කිරීමට චීනය තීරණය කර තිබෙනවා. මෝටර් රථ කර්මාන්තය, විදුලි සුලං ටර්බයින් නිෂ්පාදනය වැනි ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඛණිජ ද්‍රව්‍ය අපනයනය චීනය විසින් එලෙස සීමා කර ඇති බවයි විදෙස් වාර්තාවල සදහන් වෙන්නේ.
චීනය විසින් අමෙරිකාවට අපනයනය කරන එම ඛණිජ වර්ග දුර්ලභ ගණයේ ඒවායි. එම ඛණිජ වර්ගවලින් වැඩිම ප්‍රතිශතයක් නිපදවන රට වන්නේ ද චීනයයි.මේ නිසා ඇමරිකනු අර්ථිකයටද දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.