ජාතික පරිසර සතිය අදින් ආරම්භ වනවා.ජගත් පරිසර දිනයට සමගාමීව නම් කර ඇති ජාතික පරිසර සැමරුම් සතිය ලබන 05 වනදා දක්වා ක්‍රියාත්මකයි.
තිරසාර වන කළමණාකරනයක් තුළින් වායු දූෂණය අවම කිරීම යන්න මෙවර එහි තේමාවයි.ජනාධිපති ලේකම්වරයා විසින් සියලූම රාජ්‍ය ආයතනයන් තුළ පරිසර සතියට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිඛෙනවා.
ඒ අනුව පරිසර සතියට අදාළව සියලූම රාජ්‍ය හා පෞද්ගලික ආයතන පාසල් පළාත් පාලන ආයතන හරහා පළාත් පාලන බලප්‍රදේශ ආදිය මූලික කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මකයි.