12 වැනි එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එංගලන්තයේ දී ආරම්භ කිරීම සදහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කොට තිඛෙනවා.සමාරම්භක තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 00 ට ආරම්භ වන්නේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.තරගය පැවැත්වෙන්නේ ලන්ඩන් හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී.
අන්තර්ජාතික එක් දින ශ්‍රේණිගත කිරීම් වල එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.දකුණු අප්‍රිකාවේ හිමිව ඇත්තේ එහි තුන්වන ස්ථානයයි.අන්තර්ජාතික එක් දින පිතිකරුවන් දස දෙනා අතර දකුණු අප්‍රිරිකාවේ කුවිටන් ඩී කොක් සහ ෆෆ් ඩුප්ලසී පිළිවලින් පහ සහ හය වන ස්ථානවල රැදි සිටිනවා.
එංගලන්තයේ ජෝ රූට් අයි සී සී ප්‍රතිකරු ශ්‍රේණි ගත කිරීම් වල හිමිකර ගෙන ඇත්තේ අටවන ස්ථානයයි.එක් දින පන්දු යවන්න් අතර ඉම්රාන් තාහීර් හා කගීසෝ රබාඩා රැදී ඇත්තේ හතර සහ පහ යන ස්ථාන වලයි.සමාරම්භක තරගයේදී දකුණු අප්‍රිකාවේ පන්දු යවන්නන් හා එංගලත්තයේ පිතිකරුවන් අතර දෝලනය වන බවයි ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින් සදහන් කරන්නේ.එංගලන්තය හා දකුණු දකුණු අප්‍රිකාව අතර මේ වන විට තරග 59 ක් පවත්වා තිඛෙනවා.ඉන් තරග 26 ක් එංගලන්තය ජය ගෙන ඇති අතර දකුණු දකුණු අප්‍රිකාව තරග 29 ක් ජය ගෙන සිටිනවා.
ලෝක කුසලාන තරගබිමෙදී එංගලන්තය තරග ජයග්‍රහණ 41 ක් ලබා තිඛෙනවා.දකුණු දකුණු අප්‍රිකාව තරග 55 කදී ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 35 ක්. වසර 46 ක ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා කිසිදු කුසලානයක් ජය ගැනීමට දෙපිලටම අවස්ථව උදාවී නැහැ.
වසර 04 කට පසුව පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට කුසලානයට අමතරව ඩොලර්මිලියන 04 ක ත්‍යාග මුදලක් ද හිමි වනවා.