News Line| Off Air
Generic placeholder image

May
31

එළිමහන් සංගීත ප්‍රසංග හෙට අනුරාධපුරයෙන් යළි ඇරඹෙයි

1094 Views


එළිමහන් සංගීත ප්‍රසංග හෙට අනුරාධපුරයෙන් යළි ඇරඹෙයි

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නැවතුන එලිමහන් සංගීත ප්‍රසංග යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංගීත කණ්ඩායම් එකමුතුව රජය සමග කල සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව යුධ හමුදාවේ පූර්ණ සහයෝගය මත හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාපිටියේදී නැවතත් එළිමහන් සංගීත ප්‍රසංග ආරම්භ වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ යුධ හමුදාවේ 21වෙනි සේනාංකය විසින්. ” එක්ව සිටිමු ” නමින් සංවිධානය වෙන මෙම ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම විසිනුයි. දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල ගායකයින් සහ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි. මෙම ප්‍රසංගය සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන අතර යළි ඇරඹෙන ප්‍රසංග වේදිකාවට සියත අපේ උණුසුම් සුභ පැතුම්ද එක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post