News Line| Off Air
Generic placeholder image

Jun
2

ඉදිරියේදී උප්පැන්න සහතිකයටම ජාතික හැඳුනුම්පත් අංකයත්

682 Views


ඉදිරියේදී උප්පැන්න සහතිකයටම ජාතික හැඳුනුම්පත් අංකයත්

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ කි‍්‍රයාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ඇමති වජිර අබේවර්ධන පවසනවා. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් 02කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එය සැලකිල්ලට ගනිමින් අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවයි වජිර අබේරවර්ධන අමාත්‍යවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post