පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රිශාඞ් බදියුදීන් ගත් උත්සාහය ජනාධිපතිවරයා විසින් වළක්වනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විපේසිරි අනාවරණය කරනවා. මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ඊයේ ඇඹිලිපිටියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි. වැඩි දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ අවස්ථාවේදී ඉල්ලා අස්වීම පිළිනොගත් ජනපති එම වරද්ද එක්සත් ජාතික පක්ෂය පිට පැටවීමේ උත්සහයක නිරත වී සිටින බවයි.