News Line| Off Air
Generic placeholder image

Jun
3

ඉදිරි ජනපතිවරණයෙන් ජනපති මෛත්‍රී අගමැතිකම මහින්දට දෙමු – දයාසිරි යෝජනා කරයි

1578 Views


ඉදිරි ජනපතිවරණයෙන් ජනපති මෛත්‍රී අගමැතිකම මහින්දට දෙමු – දයාසිරි යෝජනා කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයටත් පත් කර ගැනීමේ ගිවිසුමකට එළැඹිය යුතු බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති ජන හමුවකදි ඔහු මේ බව පවසා සිටියා.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදී ජනපති වරයාට කිසිදු බලයක් හිමි නොවන බවයි. ඊට හේතුව 19වන සංශෝධනය බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ නිසා අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ මහතාව යෝජනා කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post