News Line| Off Air
Generic placeholder image

Jun
3

අතුරලියේ රතන හිමියන් උපවාසය අවසන් කරයි

1961 Views


අතුරලියේ රතන හිමියන් උපවාසය අවසන් කරයි

අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය මීට සුලූ මොහොතකට පෙර අවසන් කර තිඛෙනවා.නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීම පිළිබඳව තමන් වෙත ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි රතන හිමියන් මීට සුලූ මොහොතකට පෙර සඳහන් කළේ.

දින 04 ක් උපවාසයේ නිරතවී සිටි අතුරලියේ රතන හිමියන් මේ වන විට රෝහල වෙත රැගෙන යමින් සිටින බවයි සියත වාර්තාකරු සඳහන් කළේ.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කළේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ආණ්ඩුකාවරුන් වන අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන මහත්වරුන් එම තනතුරු වලින් ඉවත් කරන ලෙස බල කරමින් පසුගිය 31 වනදායි

ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට දී.


News Articles
Latest Videos
Most Popular Post