News Line| Off Air
Generic placeholder image

Jun
4

ඡන්ද හිමි නාම ලේඛන හැකි ඉක්මනින් පුරවා භාර දෙන්න

789 Views


ඡන්ද හිමි නාම ලේඛන හැකි ඉක්මනින් පුරවා භාර දෙන්න

ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාර දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලීමක් කරනවා. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ රටේ පවතින ආරක්ෂක වාතාවරණය අනුව මේ වන විට ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර පුරවා භාරදීම පිලිබදව ජනතාව වැඩි අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනෙන බවයි.

මේ වසර අවසානයේ දී හෝ ඊළඟ වසරේ දී පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන බැවින් එම මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ගැනීමට මෙම ඡන්ද හිමි නාම ලේඛණ වලට නම ඇතුළත් කර ගත යුතුය. එම නිසා ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු කඩිනමින් සිදු කර ගැනීම සඳහා හැකි ඉක්මනින් අදාළ ඡන්ද හිමි නාම ලේඛන අයදුම් පත්‍ර පුරවා භාර දීමට කටයුතු කළ යුතු බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post