News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

පැරදුණ දේවල් ඉගෙන ගන්න ඕනේ නැත්නම් ක්‍රිකට් ගහන්න බැහැ – මාලිංග කියයි

804 Views


පැරදුණ දේවල් ඉගෙන ගන්න ඕනේ නැත්නම් ක්‍රිකට් ගහන්න බැහැ – මාලිංග කියයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළඟ තරගය ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වීමට නියමිතයි.කෙසේ නමුත් හෙට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවයි එංගලන්තයෙන් වාර්තා වන්නේ. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැවසුවේ දිගින් දිගටම තරග පරාජය වීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් ලැජ්ජා විය යුතු බවයි.

“පහුගිය කාලය තිස්සෙම මැච් එකක් පරදිනවා ඒක අමතක කරනවා.අනිත් එකට යනවා.ඒක පරදිනවා.ඊළඟ එකට යනවා.එහෙම ගියොත් අපිට හැමදාම මේ විදියට යන්න පුළුවන් වෙයි.එහෙම ක්‍රිකට් ගහන්න බැහැ.හැම ක්‍රීඩකයෙක්ටම තමන්ගේ තරගකාරිත්වය සම්භන්ධයෙන් බයක් ලැජ්ජාවක් තමන් දක්ෂතා දක්වන්නම ඕන කියන මතේ ඉඳගෙන ක්‍රීඩාකළ යුතුයි.නැත්නම් අපේ ක්‍රිකට් මෙතනින් එහාට අරගෙන යන්න අමාරුයි.”

 

 


News Articles
Latest Videos
Most Popular Post