මාසයක් පුරා ආරක්ෂා කළ උපවාසය සමය නිම කරමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. ඊයේ රාත්‍රියේ නව සඳ දැකීමත් සමග අද දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය නිකුත්කර තිබුණා.මෙවර රමසාන් උත්සවය චාම්ව සමරන ලෙසයි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ.